― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීගමුව බන්ධනාගාර සිදුවීම ආණ්ඩුව සැහැල්ලුවෙන් ගෙන නැහැ - නිලන්ති කොට්ටහච්චි

මීගමුව බන්ධනාගාර සිදුවීම ආණ්ඩුව සැහැල්ලුවෙන් ගෙන නැහැ – නිලන්ති කොට්ටහච්චි

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව, විපක්ෂය මෙන් සැහැල්ලුවෙන් කටයුතු නොකරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

තේ කඩයක් හෝ පවත්වාගෙන ගොස් නොමැති බවට චෝදනා එල්ල වූ නායකයෙකු වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන ඉදිරිගාමී මාවතකට ගෙන ඒමට සමත්ව ඇති බවද ඇය සඳහන් කළාය.

එවැනි තත්ත්වයක් යටතේ බන්ධනාගාරයක් පාලනය කළ නොහැකි ආණ්ඩුවක් රටේ ජනතාව රැකබලා ගන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සාධාරණ නොවන බවද මන්ත්‍රීවරිය අවධාරණය කළාය.

අදාළ සිදුවීමේ වගකීම ආණ්ඩුව විසින් භාරගෙන ඇති අවස්ථාවක, එය පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා විපක්ෂය භාවිත කිරීම දැඩි ලෙස හෙළා දකින බවද නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.