පාසල් සිසුන් මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා කිරීමේ අරමුණින්, නිල පාසල් ඇඳුමට අමතරව අත් සහ පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුම් භාවිත කර පාසල් වෙත පැමිණීමට අවසර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
පාසල් සිසුන් අතර ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කර ඇත.
මෙම තීරණය පිළිබඳව සියලුම පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති අතර, ඒ සම්බන්ධ නිල උපදෙස් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව ද ලේකම්වරයා සඳහන් කර තිබේ.
එමෙන්ම, ප්‍රමිතියට අනුකූල මදුරු විකර්ශක භාවිත කිරීම පිළිබඳව ද සිසුන් දැනුවත් කරන ලෙස අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.


