ගිනි අවියක් ළඟ තබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරයට
නීතිවිරෝධී ලෙස ගිනි අවියක් සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග මන්ත්‍රී අමිත් චතුරංග හෙවත් ‘බටපොල නින්දානේ චුට්ටේ’ ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
සැකකාර මන්ත්‍රීවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්.
රිපීටර් වර්ගයේ ගිනි අවියක් (Repeater Gun) නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාව මත අදාළ මන්ත්‍රීවරයා ගාල්ල දිසා අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගනු ලැබීය.


