― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රදේශ රැසකට වැසි – ඇතැම් ප්‍රදේශවලට තද සුළං පිළිබඳ අවවාදයක්

ප්‍රදේශ රැසකට වැසි – ඇතැම් ප්‍රදේශවලට තද සුළං පිළිබඳ අවවාදයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ සබරගමුව පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද දිනය තුළ වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි.

බස්නාහිර සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක සුළු වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු මැද සහ වයඹ පළාත් මෙන්ම මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.