― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මගින් හෙට (13) දිනයට බලපැවැත්වෙන පරිදි මෙම නිවේදනය අද (11) පස්වරු 5.00ට නිකුත් කර ඇති බව සඳහන්.

මෙම අවවාදාත්මක නිවේදනය මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා අදාළ වන බව එහි දැක්වෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමකට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, හැකි සෑම අවස්ථාවකදීම සෙවණ සහිත ස්ථානවල විවේක ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම උණුසුම් තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, කුඩා දරුවන් වාහන තුළ තනිව දමා නොයන ලෙසත් නිවේදනයේ සඳහන්.

අධික වෙහෙසකාරී ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.