කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සේවාව අද (14) ආරම්භ කර තිබේ.
කොළඹ සහ උතුරු පළාත අතර ගමන් කරන මගී ජනතාවට වඩාත් පහසු, කඩිනම් සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම නව දුම්රිය සේවාව හඳුන්වා දී ඇත.
යාපනය අර්ධද්වීපය හා කොළඹ අතර ගමනාගමන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ආරම්භ කළ මෙම සේවාව, උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රවාහන සේවා සංවර්ධනය කිරීමේ වැඩසටහනේ එක් පියවරක් ලෙස ක්‍රියාත්මක වේ.
නව දුම්රියේ ධාවන කාලසටහන්, නැවතුම් ස්ථාන සහ ප්‍රවේශපත්‍ර සම්බන්ධ තොරතුරු ඉදිරියේදී දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතය.


