ශහීන් ෂා අෆ්රිඩි පළමු වරට LPL පිටියට – කැන්ඩි රෝයල්ස් සමඟ එක්වෙයි
පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩි මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමට නියමිතව ඇත.
මෙය ඔහු LPL තරගාවලියට සහභාගී වන පළමු අවස්ථාව වන අතර, ඒ සඳහා අවශ්‍ය අනුමැතිය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ශහීන් ෂා අෆ්රිඩි මෙවර LPL තරගාවලියේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත බව සඳහන් වේ.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 17 වනදා ආරම්භ වී අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.


