අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නව නාවික අවහිරතාවය සහ ඊට ප්‍රතිචාර ලෙස ඉරානය සිදු කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.
අද (15) දිනයේදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.19 දක්වා ඉහළ ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.40 දක්වා වාර්තා වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, මෙය ජූනි මැද භාගයෙන් පසු වාර්තා වූ ඉහළම බොරතෙල් මිල මට්ටම බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව උද්ගත වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක තෙල් සැපයුම් ජාලයට බලපෑම් එල්ල වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් සියයට 20කට ආසන්න ප්‍රමාණයක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය වන බැවින්, එහි ඇති වන ඕනෑම අර්බුදයක් ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සෘජුව බලපාන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


