― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ජනපතිට භාරදෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ජනපතිට භාරදෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යවයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ.

මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යවන ලද එම ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මහාචාර්ය සරත් අබේකෝන් මහතා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම භාරගන්නේද නැද්ද යන්න පිළිබඳව මේ වන තෙක් කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

තමන් මෙම තීරණය ගැනීමට හේතුව පෞද්ගලික කරුණක් බවද මහාචාර්ය සරත් අබේකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මහාචාර්ය සරත් අබේකෝන් මහතා මීට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසද කටයුතු කර ඇත.

මේ අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරයද මේ වන විට පුරප්පාඩුව පවතින අතර, එම තනතුර දැරූ මංජුලා මඩහපොල මහත්මිය විශ්‍රාම යාම හේතුවෙන් එම පුරප්පාඩුව ඇතිව තිබේ.

එම ධූරයේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඉෂාන් විජේතිලක මහතා පත්කර ඇති බවද වාර්තා වේ.