මුදල් වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ජයලත් බණ්ඩාර දිසානායක ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර තිබෙනවා.
හිටපු අමාත්‍ය එස්. බී. දිසානායකගේ සහෝදරයා වන ඔහු, හඟුරන්කෙත සමගි ජන බලවේග ආසන සංවිධායකවරයා ලෙසද කටයුතු කරන බව සඳහන්.
අධිකරණය විසින් සැකකරුට රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් නියම කළ අතර, ඒ සමඟ ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.
විමර්ශනවලට අනුව, සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බව පවසමින් වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000ක මුදලක් වංචා කළ බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එම පැමිණිල්ලට අනුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුට එරෙහිව විමර්ශන සිදුකර ඇති අතර, එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.


