― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2026 සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම ජූලි 23න් අවසන්

2026 සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම ජූලි 23න් අවසන්

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා මාර්ගගත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ලෙස 2026 ජූලි 23 නියම කර ඇති අතර, එම දිනයෙන් පසු කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ නොකරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ මාධ්‍ය නිවේදනයක් මඟින් අවධාරණය කර තිබේ.

ජූලි 3 වැනිදා ආරම්භ වූ මෙම මාර්ගගත අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.එම්.ආර්.බී. ජයසුන්දර මහතා සඳහන් කළේ, අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේ ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති වීම විභාගයට අයදුම් කිරීම සඳහා බාධාවක් නොවන බවයි.

ජාතික හැඳුනුම්පත මෙතෙක් ලබා නොගත් පාසල් අයදුම්කරුවන් සඳහා අයදුම් කිරීමේදී අනුගමනය කළ යුතු විශේෂ උපදෙස් මේ වන විටත් අදාළ විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම, ජාතික හැඳුනුම්පතක් නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කරමින් පද්ධතියේ ලියාපදිංචි වී අයදුම්පත සාර්ථකව ඉදිරිපත් කිරීමේ පහසුකමද සලසා දී ඇත.

ඒ අනුව, ජාතික හැඳුනුම්පත ලැබෙන තෙක් බලා නොසිට, අදාළ උපදෙස් අනුව සියලුම අයදුම්කරුවන් 2026 ජූලි 23ට පෙර තම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අයදුම් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලුවක් හෝ වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම්, 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 2784537, 011 2786616 සහ 011 2784208 යන දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ විය හැකිය.

මීට අමතරව, 011 2784422 ෆැක්ස් අංකය හරහාද අවශ්‍ය විමසීම් සිදු කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.