පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, මාධ්‍ය සංදර්ශන සහ ආණ්ඩුවේ ප්රචාරක වැඩසටහන් සඳහා පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ ප්‍රවණතාවක් මේ වන විට දක්නට ලැබෙන බවයි. එම හේතුවෙන් දිවයිනේ බොහෝ බන්ධනාගාරවල ධාරිතාවද ඉක්මවා ඇති බවද ඔහු සඳහන් කළේය.
නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, බන්ධනාගාර පද්ධතියේ සුබසාධනය සහ එහි පවතින ගැටලු විසඳීම සඳහා මීට පෙර අවස්ථා රැසක් ආණ්ඩුවට තිබූ නමුත්, රැඳවියන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ බවයි.
එමෙන්ම, බන්ධනාගාරවල ධාරිතාව දැඩි ලෙස ඉක්මවා ඇති බව පෙන්වා දුන් ඔහු, රැඳවියන් 800 දෙනෙකුට පමණක් පහසුකම් ඇති බන්ධනාගාරවල මේ වන විට පුද්ගලයන් 4,000කට ආසන්න පිරිසක් රඳවා සිටින බවද ප්‍රකාශ කළේය.


