ඉදිරි වසර තුන ඇතුලත මහනුවර නගරය දැවැන්ත සංවර්ධනයකට ලක්කරන බව අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පවසනවා.
මහනුවර නගරයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.
ගැටඹේ ගුවන් පාලමයි ප්‍රථමයෙන් ඔවුන් නිරීක්ෂණය කළේ.
විලියම් ගොපල්ලව මාවත , ලුවී පිරිස් මාවත හා මහයියාව ද්විත්ව උමං මාර්ගයේ ඉදිකිරීම් ද නිරීක්ෂණය කෙරුණා.


