― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් කිලෝ 18ක් සමගින් පානදුරදි අත්අඩංගුවට ගත් සැකකරු ගැන රහස් රැසක් එළියට

අයිස් කිලෝ 18ක් සමගින් පානදුරදි අත්අඩංගුවට ගත් සැකකරු ගැන රහස් රැසක් එළියට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18කට වැඩි ප්‍රමාණයක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

ඊයේ (18) රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 716ක් සහ විද්‍යුත් තරාදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 26ක් වන අතර ඔහු පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ මෙම මත්ද්‍රව්‍ය තොගය දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදාහැරීම සහ ජාවාරම් කිරීම සඳහා රැගෙනවිත් ඇති බවයි.

ඒ අනුව සැකකරු අද (19) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බවද පොලීසිය ප්‍රකාශ කළේය.

මේ අතර, ඊයේ රාත්‍රියේම කිරිබත්ගොඩ පොලිස් වසමේ දික්පිටිගොඩ ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 70ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු සතුව තිබී මත්පෙති 5,000ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 31ක් වන දික්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.