― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු ආසා­දි­ත­යන් 75,000 ඉක්ම­වයි

ඩෙංගු ආසා­දි­ත­යන් 75,000 ඉක්ම­වයි

ඩෙංගු ආසා­ද­න­යෙන් මේ වන විට මර­ණ­යට පත්ව ඇති 53 දෙනා­ගෙන් 37 දෙනෙ­කුම කාන්තා­වන් බව ජාතික ඩෙංගු මර්දන ඒක­කයේ ප්‍රජා විශේ­ෂඥ වෛද්‍ය ප්‍රශිලා සම­ර­වීර මහ­ත්මිය ප්‍රකාශ කළාය. එය සමස්ත ඩෙංගු මර­ණ­ව­ලින් සිය­යට 70ක් වන අතර, සෙසු මරණ 16 පිරිමි පුද්ග­ල­යන්ගේ වේ. මිය­ගිය පිරිස අතර වයස අවු­රුදු 19ට අඩු දරු­වන් 5 දෙනෙකු ද සිටින බව ඇය සඳ­හන් කළාය.

මේ වසරේ ආර­ම්භයේ සිට මේ දක්වා දිව­යි­නෙන් ඩෙංගු ආසා­දි­ත­යන් 75,321ක් සහ මරණ 53ක් වාර්තා වී ඇත. ඉන් වැඩිම ආසා­දි­ත­යන් සංඛ්‍යාව වන 15,762ක් (සිය­යට 20.93ක්) වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන්ය.