― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු අද පොලිස් ගෞරව සහිතව

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු අද පොලිස් ගෞරව සහිතව

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පොලිස් ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස සේවය කළ සී.ඩී. වික්‍රමරත්න මහතා මියයන විට 63 හැවිරිදි වියේ පසුවිය.

1986 වසරේ පොලිස් සේවයට එක්වූ ඔහු, 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සේවය අත්හිටුවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි. පසුව 2020 නොවැම්බර් 27 දින ඔහු නිල වශයෙන් පොලිස්පති ධුරයට පත් විය.

2023 මාර්තු 25 දින විශ්‍රාම යාමට නියමිතව තිබූ නමුත්, නව පොලිස්පතිවරයෙකු පත් කරන තෙක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවස්ථා කිහිපයකදී සේවා දිගු ලබාදීම හේතුවෙන් තවත් මාස අටකට ආසන්න කාලයක් එම ධුරයේ කටයුතු කළේය. අවසානයේ ඔහු 2023 නොවැම්බර් 23 දින පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගත්තේය.

මේ අතර, පසුගිය සිකුරාදා සී.ඩී. වික්‍රමරත්න මහතා වෙඩි වැදීමකින් මියගොස් තිබුණි. මෙම මරණය සියදිවි හානි කර ගැනීමක් විය හැකි බවට පොලිසිය සැක පළ කරන අතර, ඔහු සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවිය භාවිත කරගෙන වෙඩි තබාගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර, නැගෙනහිර කොළඹ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඒ බව ප්‍රකාශ කර තිබේ. තවද, සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව ද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලබේ පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින අතර, වෙඩි තැබීමට යොදාගත් බව කියන ගිනි අවියද රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබේ.

විමර්ශනවල කොටසක් ලෙස හිටපු පොලිස්පතිවරයාගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.