මේ වන විට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ යුතු පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (20) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ යෝජනා හා අදහස් සවිස්තරාත්මකව සලකා බැලූ බව සඳහන් වේ.
බන්ධනාගාර පහසුකම් පුළුල් කිරීම සහ ඒ සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.
මෙම අවස්ථාවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර ඇතුළු පිරිසක් සහභාගි වූහ.


