― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද පස්වරුවේ දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් එහි වේදිකා දෙකක දුම්රිය ධාවන කටයුතු අඩාල වී තිබේ.

වාර්තා වන අන්දමට, සවස 4.45ට කොළඹ කොටුවෙන් රඹුක්කන බලා පිටත්වීමට නියමිතව තිබූ අංක 1164 දරන දුම්රිය, ප්‍රමාදයකින් පසු වේදිකාව වෙත ඇතුළු වීමට උත්සාහ කිරීමේදී සවස 4.35ට පමණ මෙම අනතුරට මුහුණ දී ඇත.

අනතුරින් දුම්රියේ එක් මැදිරියක රෝද දෙකක් පීලිවලින් ඉවතට පැන ඇති බව වාර්තා වේ.

එම දුම්රියම පසුගිය 7 වැනිදා ද සමාන ආකාරයේ පීලි පැනීමකට ලක්වූ බව ද සඳහන් වේ.

මෙම සිද්ධිය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා දෙකක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, දුම්රිය නැවත පීලිගත කිරීම සඳහා දුම්රිය බලධාරීන් කඩිනමින් කටයුතු කරමින් සිටී.

මේ අතර, මෙම තත්ත්වය හේතුවෙන් සවස් කාලයේ ධාවනය වන කාර්යාලයීය දුම්රිය කිහිපයක ධාවනයට සුළු ප්‍රමාදයන් ඇති විය හැකි බව ද වාර්තා වේ.