― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළතුරුවලට රසායනික ද්‍රව්‍ය ගහලා ඉදවීම තහනම් කරන්න තීරණයක්

පළතුරුවලට රසායනික ද්‍රව්‍ය ගහලා ඉදවීම තහනම් කරන්න තීරණයක්

විෂ රසායනික ද්‍රව්‍ය භාවිත කර පළතුරු කෘත්‍රිමව ඉදවීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයා සඳහන් කළේ, විෂ රසායනික ද්‍රව්‍ය යොදා ඉදවූ පළතුරු වෙළෙඳපොළ තුළ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

මෙම කරුණු අනාවරණය කර ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.

කෙසෙල්, අඹ සහ ගස්ලබු වැනි පළතුරු විෂ රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීම මේ වන විට බරපතළ සමාජ ගැටලුවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරියේදී එවැනි රසායනික ද්‍රව්‍ය භාවිත කරන ස්ථාන හඳුනාගෙන වැටලීම් සිදුකරන බවද සඳහන් කළේය.

එසේම, මේ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුවත් කිරීම් ලබාදී තිබියදීත් වෙළෙඳුන් එම ක්‍රමවේදය අඛණ්ඩව අනුගමනය කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් නඩු පැවරීමට කටයුතු කරන බවද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේය.