― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුනර්ජනනීය විදුලි මිල තීරණයට මහජන අදහස් කැඳවීම අදින් අවසන්

පුනර්ජනනීය විදුලි මිල තීරණයට මහජන අදහස් කැඳවීම අදින් අවසන්

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් ජනනය කරන විදුලිය මිලදී ගැනීමේ මිල තීරණය කිරීම සඳහා මහජන අදහස් භාරගැනීම අද (22) දිනයෙන් අවසන් වන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ ලැබෙන මහජන අදහස් හා උපදේශන ක්‍රියාවලියෙන් රැස් කළ තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉදිරි මාස හයක කාලය සඳහා පුනර්ජනනීය විදුලිය මිල තීරණය කිරීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කරන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගම් වෙත මිලදී ගැනීමේදී අදාළ මිල හා මිල සූත්‍රය තීරණය කිරීම සහ අනුමත කිරීමේ බලය මහජන උපයෝගීතා කොමිසම වෙත පැවරී ඇත.

ඒ අනුව සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සඳහා අදාළ මිල සූත්‍ර මේ වනවිට සකස් කර අනුමත කර ඇති අතර එම සූත්‍ර අනුව විදුලි මිල ගණන් තීරණය කිරීම සඳහා මාස දෙකකට පමණ පෙර මහජන උපදේශන ක්‍රියාවලිය ආරම්භ කර විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් හා අවශ්‍ය දත්ත රැස්කරගෙන ඇති බව ද ජයනාත් හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.