― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවත්තල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

වත්තල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

වත්තල පොලිස් වසමේ කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක ඊයේ (23) රාත්‍රියේ පැවති සාදයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් තොරතුරු අනුව, කාර් රථයකින් පැමිණි බවට සැක කෙරෙන නාඳුනන පුද්ගලයෙකු උත්සවයට සහභාගී වෙමින් සිටි අයෙකු ඉලක්ක කර වෙඩි තබා එම ස්ථානයෙන් පලා ගොස් තිබේ.

තුවාලකරු වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී තිබුණද, පසුව ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් විය හැකි බවට පොලිසිය සැක පළ කරයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.