අමෙරිකාව දැනට ක්රියාත්මක කර ඇති 10%ක තාවකාලික තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමඟ, ශ්රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා නව ආනයන බදු ක්රමවේදයක් ක්රියාත්මක කිරීමට ට්රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.
එම නව ක්රමය යටතේ අදාළ රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා 10% සිට 12.5% දක්වා තීරු බදු අය කිරීමට නියමිත අතර, ශ්රී ලංකාවෙන් අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා 10%ක බදු ප්රතිශතයක් පනවා ඇත.
වාර්තා වන ආකාරයට, මෙම තීරණයට ප්රධාන හේතුව වී ඇත්තේ බලහත්කාර ශ්රමය යොදා නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය කිරීම වැළැක්වීමට අදාළ රටවල නීති නිසි ලෙස ක්රියාත්මක නොවීම සහ ඒ සම්බන්ධයෙන් පවතින ලිහිල් ප්රතිපත්ති බව සඳහන් වේ.


