📈🐟 මිරිදිය මාළු මිල රු. 200කින් ඉහළට? පාරිභෝගිකයින්ගෙන් චෝදනා!
සිල්ලර වෙළඳපොළේ මිරිදිය මාළු කිලෝවක මිල රුපියල් 200කින් පමණ ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසයි. 🐟💰 මුහුදු මාළු මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් වැව් මාළු තොග සැපයුම්කරුවන් සහ සිල්ලර වෙළෙන්දන් විසින්ද මිල ඉහළ දමා ඇති බවට ඔවුන් චෝදනා කරයි.
📌 මීට පෙර රුපියල් 600 – 700 අතර තොග මිලකට අලෙවි වූ තිලාපියා මාළු කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 900 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම සිල්ලර වෙළඳපොළේ එහි මිල රුපියල් 1,200 දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ.
📌 එසේම, මීට පෙර රුපියල් 350 – 400 අතර තොග මිලකට අලෙවි වූ කාප් මාළු කිලෝවක තොග මිල රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇති අතර, සිල්ලර වෙළඳපොළේ එය රුපියල් 800 දක්වා අලෙවි කරන බව පාරිභෝගිකයින් පවසයි.
🌧️ දිට්ඨිය සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මිරිදිය මත්ස්‍ය වගාවට සහ වැව් මත්ස්‍ය සම්පතට සිදුවූ හානිය හේතුවෙන් විවෘත වෙළඳපොළේ මිරිදිය මාළු මිල ඉහළ යාමට බලපා ඇති බව ජාතික ජලජීවී සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.


