― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබැලුම්මහර මංසන්ධියේ අනතුරකින් 13කට තුවාල

බැලුම්මහර මංසන්ධියේ අනතුරකින් 13කට තුවාල

මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ බැලුම්මහර මංසන්ධියේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ආලෝක සංඥා අසල නතර කර තිබූ කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පෞද්ගලික බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුවී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඊයේ රාත්‍රී 11ට පමණ සිදු වූ මෙම අනතුරින් බස් රථයේ රියදුරා ඇතුලු 13 දෙනෙකු තුවාල ලබා ගම්පහ මූලික රෝහලට ඇතුලත් කෙරුණා.

ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් මෙම අනතුරට ලක්වී තිබෙනවා.

අනතුරත් සමග බස් රථයේ පිටුපසින් පැමිණි තවත් වාහන කිහිපයක් ද එකිනෙක ගැටී අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා පොලිස් භාරයට ගෙන තිබෙනවා. යක්කල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.