― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදේපළ සොරකම් සහ කොල්ලකෑම්වලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

දේපළ සොරකම් සහ කොල්ලකෑම්වලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

දේපළ සොරකම් සහ රන් මාල කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව පොලිසිය සිදු කළ වැටලීමකදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුනාව දුම්රියපොළ ප්‍රදේශයේදීයි.

කලුතර උතුර රන්හිඳපුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 260ක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පානදුර දකුණ පොලිස් වසමේ සිදු කළ යතුරුපැදි සොරකමක් සහ රන් මාල කොල්ලකෑමේ සිදුවීමක් පිළිබඳ තොරතුරු අනාවරණ කරගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ යතුරුපැදයදිය, රන් මාලයක් සහ පෙන්ඩනයක් දෙහිවල ප්‍රදේශයේ පිහිටි උකස් ආයතනයක් වෙත උකස් කර තිබියදී බිල්පත ද සමගින් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සැකකරු පානදුර උතුර සහ වැල්ලවත්ත ප්‍රදේශවල සිදු කරන ලද කොල්ලකෑම්වලට අදාළව අනාවරණ වූ තොරතුරු අනුව කොල්ලකන ලද එම රන් භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මෙම සැකකරුට එරෙහිව කලුතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව විවෘත වරෙන්තු නිකුත්කර ඇති අතර එම අධිකරණයේම විභාග වන තවත් සොරකම් සහ කොල්ලකෑම් සම්බන්ධ නඩු 16ක් ඇති බවට ද හෙළිවී තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් මොරටුව පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ.

මේ අතර බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් දේපළ සොරකම් කිරිම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස සිදු කළ විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි අයෙක්.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සොරාගන්නා ලද රයිස් කුකරයක් බ්ලෙන්ඩරයක් පිත්තල පහනක් කුඩා පිත්තල වංගෙඩියක් සහ සිවිලිම් විදුලි පංකාවක් ඇතුලු දේපළ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයයි විමර්ශන සිදු කරනු ලබන්නේ.