― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදියේ ගිලීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

දියේ ගිලීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ඹුරුපිටිය සපුගොඩ ප්‍රදේශයේදී කිරඹආර ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ දහවල් මෙලෙස මියගොස් ඇත්තේ කඹුරුපිටිය උල්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි සිසුවෙක්.

ඔහු අධ්‍යාපනය ලබන පාසලේ පැවති හොකී පුහුණු කටයුතු අවසන් වීමෙන් පසු තවත් සිසුන් 9 දෙනෙකු සමග නිවෙස් වෙත යන අතර කිරඹ ඔයේ දිය නෑමට ගොස් දියේ ගිලී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන්ට භාරදී තිබෙනවා.

මියගිය සිසුවා මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්.

ඔහු පාසලේ 14න් පහළ හොකී කණ්ඩායම නියෝජනය කළ අයෙක් බව සඳහන්.

මෙම සිද්ධිය පිළිබඳ කඹුරුපිටිය පොලිසියයි විමර්ශන මෙහෙයවන්නේ.