― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews2024 වසරේ පෙළ පොත් බෙදාදීම ඇරඹේ

2024 වසරේ පෙළ පොත් බෙදාදීම ඇරඹේ

2024 වර්ෂයේ පළමු පාසැල් වාරය ආරම්භ කිරීමට ප්‍රථම පාසැල් පෙළ පොත් සිසුන්ට බෙදා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අධ්‍යාපන ප්‍රකාශ දෙපාර්තමේන්තුවට අයත් හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ගබඩාවේ සිට ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට පෙළපොත් බෙදා හැරීම ආරම්භ කරමිමුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

2024 වර්ෂය අවසාන වනවිට පාසැල් විෂය නිර්දේශය ආවරණය කර කොවිඩ් ව්‍යවසන සමයේ මඟ හැරුණු අධ්‍යන කටයුතු සියල්ල යථා තත්ත්වයට පත් කිරීම සිය අපේක්ෂාව බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.