― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංගම බසයේදී පැහැරගත් අයෙක් යළි ගම්පොළ පොලීසියට එයි

ලංගම බසයේදී පැහැරගත් අයෙක් යළි ගම්පොළ පොලීසියට එයි

ගම්පොළ ප්‍රදේශයේ දී බස් රථයක් තුළදී ඊයේ (24) උදෑසන පහර ගැනීමට ලක්වූ පුද්ගලයා පැහැරගත් අයගෙන් මිදී ගම්පොළ පොලීසිය වෙත ඊයේ (24) රාත්‍රියේ පැමිණ තිබෙනවා.

කොළඹ, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා පැහැරගත් අයගෙන් මිදී පළා ආ බවයි පොලීසියට පවසා ඇත්තේ. පැහැර ගැනීම සිදුකළ පුද්ගලයින්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා සිටි මොහු ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කැඅ තිබෙනවා.

ගම්පොළ ලංගම ඩිපෝවේ රියදුරෙකු ලෙස සේවය කරන හේමන්ත රාජපක්ෂ නැමති මෙම පුද්ගලයා මාවෙල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ ගම්පොළ ඩිපෝවට අයත් බස් රථයක් තුළ දී ඊයේ (24) අලුයම පැහැර ගැනීමට ලක්ව තිබුණා.

බස් රථයේ මඟ හරස්කර නැවතූ වෑන් රථයකින් බැස ආ පුද්ගලයින් පිරිසක් බස් රථයට ගොඩවී මෙම පුද්ගලයාට පහර දී පැහැරගෙන ගිය බවටයි තොරතරු වාර්තා වුණේ.

පැහැර ගැනීමට ලක්වූ මෙම පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, තමා එම වෑන් රථයෙන් රැගෙන යන අතර තුර තමා සතුව තිබූ කඩුවක් පිළිබඳව විමසූ බවයි.

එම කඩුව ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවිකළ බව තමා පැවසීම නිසා ඔවුන් තමාද රැගෙන ඔරුගොඩවත්ත ප්‍රදේශයට ගොස් එම කඩුව ලබාගත් බවයි මෙම තැනැත්තා පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඒ අතරතුර ඔවුන්ගේ මිදී පළාවිත් නිට්ටඹුව බස් රථයකට නැඟ බේරුණු බව ද ඔහු පොලිසිය වෙත පවසා තිබෙනවා. මෙම පැහැරගැනීම සඳහා පැමිණි වෑන් රථයේ හයදෙනෙකු සිටි බවත් කාන්තාවක ද ඒ අතර වූ බවටද පොලීසිය මේ වනවිට අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

පැහැරගැනීම ලක්වූ මෙම පුද්ගලයා මීට පෙර කැළණිය ප්‍රදේශයේ හිටපු අමාත්‍යවරයෙකුගේ රියදුරකු ලෙස සේවය කර ඇති බව සඳහන්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකකරුවන් සහ කඩුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.