2022 වසරේ අගෝස්තු 30 වැනිදා සිට මේ වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ වෛද්‍යවරුන් 957 දෙනෙක් සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය ජී. විජේසුරිය පැවසීය.
වෛද්ය්වරයා මේ බව අනාවරණය කළේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා කියා සිටියේ මේ පිරිසට කිසිදු දැනුම්දීමකින් තොරව සේවය අතහැර ගොස් ඇති 197 දෙනකු ඇතුළත් වන බවත් මීට අමතරව වෛද්‍යවරුන් 163 දෙනකු සේවයෙන් ඉල්ලා අස්වී ඇති බවත්ය.
සේවය අතහැර ගොස් සිටින 197 දෙනාගෙන් මුදල් අය කර ගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ වෛද්‍යවරයා අවදාරණය කළේ
වසර 5ක නිවාඩු ලබා විදේශගතව සිටින 526 දෙනකුද මේ පිරිසට ඇතුළත් බවයි.
කුමන ගැටලු තිබුණද රජයේ චක්‍රලේඛ සහ ආයතන සංග්‍රහය අනුව ඒ අයට එම නිවාඩු දීමට සිදුව ඇති බවයි වෛද්‍යවරයා එහිදී සඳහන් කළේ.
වෛද්‍යවරුන් 71 දෙනෙකු මේ වසරේදී විශ්‍රාම ගොස් ඇති අතර
නිර්වින්දන වෛද්‍යවරුන් සහ හදිසි ප්‍රතිකාර සේවාවල වෛද්‍යවරුන් හිඟයක් පවතින බවත් සමහර ප්‍රාථමික ඒකකවල සිටින්නේ එක වෛද්‍යවරයකු පමණක් බවත් ඔහු අවධාරණය කළේය.