25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆයිසර් එන්නත් මිලියන 12ක් විසිකරන්න වුණා - කෙහෙළිය

ෆයිසර් එන්නත් මිලියන 12ක් විසිකරන්න වුණා – කෙහෙළිය

කොවිඩ් පාලනය සඳහා මෙරටට ගෙන්වන ලද ෆයිසර් එන්නත් මිලියන 12ක් පමණ විනාශ කර දැමීමට සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුරදීය.

මෙරටට ගෙන්වූ මිලියන 14.05 එන්නත් තොගයකින් මෙලෙස විනාශ කර දැමීමට සිදු වූ බවයි ඔහු පැවසුවේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ කොවිඩ් ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට පාලනය වීමත් සමඟ නිකරුනේ එම එන්නත් ලබා ගැනීම වෙනත් රෝගවලට අත වැනීමක් වන බවට සමාජය තුළ මත පැතිර යාමත් සමග එන්නත් ලබා ගැනීමෙන් ජනතාව දුරස් වීම හේතුවෙන් එම එන්නත් ඉතිරි වූ බවයි.

එමෙන්ම ඉතිරි වූ එන්නත්වල ජීව කාලය අවසන් වීමට පෙර එම එන්නත් යාබද හිතවත් රටවලට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා කළත් එම එන්නත් ලබා ගැනීමට ඉදිරිපත් වූ රටවල් තුනක් ගබඩා කිරීම් ඇතුළු ප්‍රශ්න කීපයක් හේතුවෙන් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.