― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසුපිරි වෙළෙඳසැල්වලට පොලිසියෙන් දැනුම්දීමක්

සුපිරි වෙළෙඳසැල්වලට පොලිසියෙන් දැනුම්දීමක්

සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සිදුවන යම් සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දෙනු ලබනවා.

භාණ්ඩ සොරකම් කළ වරදට නීතියට පටහැනිව කිසිවෙකුට පහරදීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මෙම අදහස් පළ කළා.