27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හා IMF නිලධාරින් අතර අද සාකච්ඡාවක්

ජනපති හා IMF නිලධාරින් අතර අද සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා අද (26) ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජර්මනියේ බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බවයි.

වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ බර්ලින් ගෝලීය සංවාදය ලබන 28 සහ 29 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණ සිටින නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් අතර විස්තීර්ණ ණය පහසුකම යටතේ වන සමාලෝචන සාකච්ඡා පසුගිය 14 වනදා ආරම්භ කෙරුණා.

ඒ අනුව සති දෙකකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡා මාලාවේ අවසන් සාකච්ඡාව අද (26) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.