27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදියෙන් කසිප්පු ඇද්ද කොස්තාපල් අත්අඩංගුවට

යතුරුපැදියෙන් කසිප්පු ඇද්ද කොස්තාපල් අත්අඩංගුවට

යතුරු පැදියකින් කසිප්පු ප්‍රවාහනය කරමින් සිටි කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය පවසයි.

පොලීසිය සඳහහ් කළේ කසිප්පු බෝතල් 21ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බවයි.

ඔහුගේ රාජකාරි පිස්තෝලය සහ ජීව උණ්ඩ දහයක් අඩංගු මැංගසිනයක්ද ඔහු සමඟම අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිට ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහේස්ත්‍රාත්වරියකගේ ආරක්ෂාවට යොදවා සිටින වරකාපොල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙකි.

මෙම කසිප්පු, උර 51ක බහා බෑගයක දමාගෙන යතුරුපැදියෙන් ප්‍රවාහනය කරමින් සිටියදීයි කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර කොස්තාපල්වරයා පොලීසිය හමුවේ පවසා ඇත්තේ පොල්ගහවෙල ප්‍රදේශයේදී හමුවූ පුද්ගලයකු තමන්ට මෙම කසිප්පු තොගය වරකාපොලට රැගෙන ගොස් එහිදී හමුවන අයෙකුට භාර දෙන ලෙස කියා ලබාදුන් බවයි.