― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපොල් මණ්ඩල අර්ථ සාධකයේ තිබූ කෝටි 07ක් අතුරුදන්

පොල් මණ්ඩල අර්ථ සාධකයේ තිබූ කෝටි 07ක් අතුරුදන්

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ කෝටි හතහමාරක මහා පරිමාණ මුදල් වංචාවක් සිදු වී ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ විශ්‍රාමික සංසදයේ සභාපති දයා ජයරත්න පැවසීය. 

මෙම මණ්ඩලය පිහිටුවා වසර පනස් එකක් වන නමුත් මෙම කාල වකවානුව තුළ මණ්ඩලයේ අර්ථ සාධක අරමුදලට දායක වී සිටි වයස අවුරුදු පනස් පහ හෝ හැට ඉක්මවා විශ්‍රාම ලැබූ සේවක පිරිස්වලට ගෙවිය යුතු අර්ථසාධක මුදල නිවැරැදිව ගණනය කර නොමැති බව ද ජයරත්න මහතා අවධාරණය කළේ ය. 

හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයෙකු, ගණකාධිකාරිවරයෙකු සහ කළමනාකාර සහකාරවරියක් මෙම වංචාවට සම්බන්ධ වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මෙම නිසා අරමුදලේ අවිනිශ්චිත සංචිත ගිණුමක් වශයෙන් තැන්පත් වී ඇති මුදල්වල වගකීම නිසි අයුරු අධ්‍යයනය නොකර එය විශ්‍රාමිකයන්ට ලබානොදී එම මුදල් වංචා කිරීමේ අරමුණින් චෙක්පත්වලට අස්සන් කළ ඉහත කී නිලධාරීන්ගේ වැඩ මේ වන විට තහනම් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේ ය.

විශේෂයෙන් මෙම චෙක්පත්, පොල් වගා කිරීමේ මණ්ඩලයේ දැනට සේවය තහනම් කර සිටින ගණකාධිකාරිනියකගේ මව, පියා සහ දැනට මණ්ඩලයේ සේවය කරන ඇයගේ ස්වාමි පුරුෂයා හා ඇයගේ සොහොයුරියන්ගේ නමින් ද, චෙක්පත්වලට අස්සන් කර ඇතැයි ඔහු කීය.

දැනට සේවය තහනම් කර සිටින කළමනාකාර සහකාරිනියකගේ ස්වාමි පුරුෂයාගේ නමින් ලියූ චෙක්පත්වලට අස්සන් ගැනීමේදී මෙම පිරිස මණ්ඩලයේ සේවකයන් නොවන බවට විනිශ්චය නොකර ගෙවීම හිතාමතාම කර ඇති ‘මහ පරිමාණයේ’ වංචාවක්’ බව ද හෙතෙම සඳහන් කළේ ය.

මෙම වංචාව පිළිබඳව අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර මාස දහයක් ගතවී ඇතත් මේ වනතෙක් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සඳහා යොමු කර නැතැයි ද සභාපතිවරයා චෝදනා කළේ ය. 

මෙම වංචාව සිදුකළ පිරිස් සැකයෙන් තොරව හඳුනාගෙන ඇති නිසා නීතියේ රැහැනින් ගැලවීමට ඔවුන්ට ඉඩ නොදී ඉතා ඉක්මනින් ‘වෝහාරික විගණනයක්’ පවත්වා විශ්‍රාම ලැබූවන්ගෙන් තමන්ට වර්තමානයේ සේවය කරන අයගෙන් වංචා කළ මුදල් ලබා දීමට කටයුතු කරන්නැයි තම සංසදය ඉල්ලා සිටින බව ද ඔහු කීය.

මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව වැඩ තහනකමට ලක් වී ඇති ගණකාධිකාරිනිය මෙම මුදලින් ඉඩකඩම් හා යානවාහන මිලදී ගෙන වංචා කළ මුදල් භාවිත කර ඇතැයි ද ඔහු අවධාරණය කළේ ය.

එමෙන් ම, මෙම ආයතනයේ ඇතැම් නිලධාරීන් අභ්‍යන්තර උසස්වීම් පිළිබඳව පමණක් සිතමින් කිසිදු විචාර බුද්ධියකින් තොරව කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.

මෙම නිලධාරීන් ‘වෝහාරික විගණනයක්’ සඳහා විරුද්ධ වන්නේ වංචනික නිලධාරීන් ආරක්ෂා කිරීමටත්, ඉදිරියටත් ඔවුන්ට ද සොරකම් කිරීමට ඉඩ තබා ගැනීමත් අරමුණෙන් යැයි ද ජයරත්න මහතා කියා සිටියේ ය. 

වංචාව සිදු කළ ගණකාධිකාරිනියගේ ස්වාමි පුරුෂයා තවදුරටත් අනිවාර්ය නිවාඩු නොයවා තිබීම පරීක්ෂණවලට විශාල බාධාවක් යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.