― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsදකුණු පළාතේත් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

දකුණු පළාතේත් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබෙනවා.

ඒ අනුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය හඳුන්වාදීමේ කටයුතු සඳහා හෙට (27) සහ ඔක්තෝබර් 02 වන දින එම පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් හා දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුවන්නේ නැහැ.

දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මීට අමතරව මාර්ගගත ක්‍රමය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට ඔක්තෝබර් මස 06 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

හෙට (27) )දිනයේ සිට ඔක්තෝබර් 06 දක්වා කාලය තුළ කල්ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා එම කාලයට අදාළව දඩ මුදල් අය නොකිරීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර උතරු මැද පළාතේ ද ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ එර්‍ළ්2 නව පද්ධතිය හඳුන්වාදීම හේතුවෙන් හෙට (27) දිනයේ සහ ලබන මස දෙවන දිනයේ දී වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නවතා දමන බව මිට පෙර දැනුම් දුන්නා.

එමෙන්ම බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් තාවකාලිකව එම කටයුතු නැවත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ (25) දැනුම් දුන්නා.

ඒ අනුව එළඹෙන 27 වනදා සහ ඔක්තෝබර් 02 වනදා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ඇති.