― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබිරිඳගේ දිවි තොර කළ සැමියාට වසර 8කට පසු අධිකරණය දුන් තීන්දුව

බිරිඳගේ දිවි තොර කළ සැමියාට වසර 8කට පසු අධිකරණය දුන් තීන්දුව

වසර අටකට පෙර බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ සැමියකු වරදකරු ලෙස ප්‍රකාශයට පත් කළ පුර්වගාමී මහාධිකරණ විනිසුරු නයෝමි තමරා වික්‍රමසේකර මහත්මිය විසින් ඔහුට මරණ දඬුවම ලබා ලබාදීමට තීන්දු කළේය.

පුත්තලම මහාධිකරණයේ දී අද (26) මෙම තීන්දුව ලබා දී ඇති අතර, මරණ දඬුවම හිමි වී ඇත්තේ, නවගත්තේගම, මුල්ලේගම, පන්සල පාරේ පදිංචි මාන්නප්පෙරුම මුදියන්සේලාගේ සුසිල් බණ්ඩාර නොහොත් ගාමිණී යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටි පුද්ගලයකුටය.

2015 වසරේ ජුලි 22 දින පවුල් ආරවුලක් මුල් කර ගනිමින් මෙම ඝාතනය සිදු වී ඇත. ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයට ගොස් සවස නිවසට පැමිණ සිටි මොරගල් පේඩි දුරයාලාගේ තුෂාරි කාංචනා නමැති 27 හැවිරිදි එක් දරු මවක් මෙසේ ඝාතනය වී තිබිණි.ඝාතනය සිදු කරන අවස්ථාවේ දී සැකකරු 33 වැනි වියේ පසු ව තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විත්තිකරු, නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර ඇත. ඒ අනුව, වසර අටකට ආසන්න කාලයක් පුරා පැවති දිර්ඝ නඩු විභාගයකින් පසු අදාළ චුදිතයාට විරුද්ධ ව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට මහේස්ත්‍රාත්වරිය තීන්දු කර තිබේ.