27 C
Colombo
Thursday, October 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති ජර්මනිය බලා පිටත් වෙයි

ජනපති ජර්මනිය බලා පිටත් වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ පැවැත්වෙන ‘බර්ලින් ගෝලීය සැසි වාරයට’ සහභාගී වීම සදහා අද (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගියා.

මෙම සිව්දින නිල සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ දූත පිරිස ලෙස තවත් 12 දෙනෙකු ද එක්ව සිටින බවයි වාර්තා වුණේ.

ජනාධිපතිවරයා අද (27) අලුයම 05.05 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරණ ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව ගිය බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඉන් අනතුරුව දෝහා සිට වෙනත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා ජර්මනිය බලා ගමන් කිරීමට නියමිතයි.

වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ බර්ලින් ගෝලීය සංවාදය හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා.