29.1 C
Colombo
Friday, May 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදියනෑමට ගිය තරුණයෙක් නිල්වක ඔයට බිලිවෙයි

දියනෑමට ගිය තරුණයෙක් නිල්වක ඔයට බිලිවෙයි

බුලත්සිංහල, අක්කර 50, හල්වතුර ප්‍රදේශයේ නිල්වක ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු ඊයේ (26) සවස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

22 හැවිරිදි මෙම තරුණයා හොරණ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය පැවසුවේ. මෙම තරුණයා තවත් පුද්ගලයින් සිව්දෙනෙකු සමඟ දියනෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවටයි තොරතරු වාර්තා වුණේ.

දියේ ගිලිණු මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් එක්ව ගොඩගෙන ප්‍රතිකාර සඳහා ඉංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය ඉංගිරිය රෝහලේ තැන්පත් කර ඇති අතර බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.