ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ඍජුව ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසුවේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දෙරටේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.
දැනට ඖෂධ 277ක හිඟයක් පවතින බවත් ලංසු ඉල්ලීමේ අනවශ්‍ය ප්‍රමාදය අවම කිරීම සඳහා මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසීය.