― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උණ්ඩ සමඟ අතුරුදහන්

කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උණ්ඩ සමඟ අතුරුදහන්

කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමග පෙරේදා (26) සිට අස්ථානගත වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

උප සේවා රාජකාරි බාර ගැනීම සඳහා පැමිණි නිලධාරියා ආරක්ෂක පෙට්ටියේ තිබෙන ගිනි අවි ගණනය කිරීමේදී ඒ පිළිබඳ අනාවරණය වීමෙන් අනතුරුව උසස් නිලධාරීන් දැනුම්වත් කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි

අස්ථානගත වූ බව කියන ගිනි අවිය යම් නිලධාරියකු පිටතට රැගෙන ගිය බවට අදාල පොත්පත්වල ද කිසිදු සටහනක් හෝ නොමැති බවත් මෙතෙක් සිදුකළ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත

අස්ථානගත වූ ගිනි අවිය සොයා පෙරේදා (26) පොලිසිය තුළ නඩු බඩු දැඩි පරීක්ෂාවට ලක් කර ඇත

මේ පිළිබඳව සොයා බැලීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (27) කොටහේන පොලිසිය වෙත පැමිණ විශේෂ විමර්ශනයක් ද පවත්වා ඇති බවත් අනාවරණය වේ

මෙම ගිනි අවිය අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධයෙන් ද සැකයක් හට ගෙන ඇති බවත් ඔහු මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවකු ද යන්න පසු විපරමක් සිදු කිරීම සඳහා විමර්ශන කණ්ඩායම් වල දැඩි අවධානය යොමුවී ඇති බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.