― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිපා වෛරසය දරුවන්ට මාරාන්තිකයි

නිපා වෛරසය දරුවන්ට මාරාන්තිකයි

ඉන්දියාවේ වෛද්‍ය විශේෂඥයන් විසින් නිපා වෛරසය දරුවන් අතර බොහෝ සංකූලතා ඇති කරන බවත්, දරුවන්ට මාරාන්තික තත්ත්වයකට පවා හේතු විය හැකි බවත් අනතුරු අඟවා තිබෙනවා.

ඔවුන් සඳහන් කළේ නිපා වයිරසය ආසාදනය වීමෙන් පෙණහලුවලට සහ මොළයට හානි සිදුවිය හැකි අතර ආසාදනය බරපතළ වීම කෝමා තත්ත්වයට හෝ මරණයට පවා හේතු විය හැකි බවයි.

මේ සම්බන්ධ‍යෙන් දෙමාපියන් විසින් අනුගමනය කළ යුතු දැඩි සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් ද නිවේදනය කර ඇත.

කෙසේ වෙතත්, කේරළ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ නිපා වයිරසය වවුලන්ගෙන් ව්‍යාප්ත වන බවට පර්යේෂණ මගින් අනාවරණය වී ඇති බැවින් දරුවන්ට පිරිසිදු පලතුරු වර්ග ලබාදීමට දෙමාපියන් සැලකිලිමත් විය යුතු බවයි.