― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපති අද බර්ලින් ගෝලීය සංවාදය අමතයි

ජනපති අද බර්ලින් ගෝලීය සංවාදය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (28) දිනයේදී බර්ලින් ගෝලීය සංවාදයේ පළමු දිනයේ රාජ්‍ය නායකයන්ගේ සංවාද සැසියේ සමාරම්භක දේශනය ඇමතීමට නියමිතය.

සංවාදය අද සහ හෙට (29) යන දෙදින පැවැත්වෙනු ඇත.

ගෝලීය භූ දේශපාලනික සහ ආර්ථික ගැටලු සාකච්ඡා කිරීම සඳහා බර්ලින් ගෝලීය සංවාදයට දේශපාලනික, ව්‍යාපාරික සහ සමාජීය වශයෙන් බලගතු පුද්ගලයන් සහභාගී වීමට නියමිතය.

මෙම සමුළුව අතරතුර ජනාධිපතිවරයා විසින් ඊට සහභාගී වන රාජ්‍ය නායකයින් සහ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට ද සූදානම් බවයි වාර්තා වන්නේ.