― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportමම ආපසු ක්‍රීඩා කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා

මම ආපසු ක්‍රීඩා කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා

යළිත් තම ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පවසනවා.

එමෙන්ම තමන් ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටින බවයි ගුණතිලක වැඩිදුරටත් පැවසුවේ.

මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා, ඒ නිසා මට ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා.” යනුවෙන් ගුණතිලක පැවසුවේ ඔහුට එරෙහිව ගොනුකර තිබූ නඩු විභාගයේ තීරණය අද (28) ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක,

මට මේ වෙලාවේදී වැඩි දෙයක් කියන්න නැහැ, මා අමාරුවට වැටිලා හිටපු වෙලාවේ මා සමඟ සිටිමින් මා දිරිමත් කළ මාගේ නීතිඥවරුන් ඇතුළු සියලුම දෙනාට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. පසුගිය මාස 11ක කාලය මට ඉතා අමිහිරි කාල වකවානුවක් වුණා. අවසානයේදී මාගේ නිර්දෝෂීභාවය විනිසුරුතුමා සනාථ කළා. දැන් මගේ ජීවිතය යළිත් සාමාන්‍ය අතට හැරී තිබෙනවා. මට යළිත් පිටියට ගොස් ක්‍රිකට් ක්‍රීඩා කරන තුරු මා නොඉවසිල්ලෙන් ඉන්නේ.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බවට ඕස්ට්‍රේලියානු සිඩ්නි අධිකරණය අද (28) දැනුම් දුන්නා.

ඒ ඊට අදාළ තීන්දුව ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ප්‍රකාශයට පත් කරමින්.

ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී අත්අඩංගුවට පත් වුණේ ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුම මඟින් හඳුනාගත් කාන්තාවක් ලිංගික ව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේයි.

එම චෝදනාවන්ට අදාළව සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එහි තීන්දුව විනිසුරු සාරා හියුගම් අද ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ
ධනුෂ්ක ගුණතිලක මෙම චෝදනාවලට නිවැරදිකරු බවයි.

ඒ අනුව අදාළ කාන්තාව ධනුෂ්ක ගුණතිලක එරෙහිව නඟන ලද සියලු චෝදනා අධිකරණයේ දී ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අතර චෝදනාවලින් නිදොස්කොට නිදහස් වූ ධනුෂ්ක ගුණතිලක ලබන නොවැම්බර් මස 03 වනදා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.