― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනාධිපතිවරයා මිල්කෝ ආයනතනයේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපතිවරයා මිල්කෝ ආයනතනයේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (25) පෙරවරුවේ නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ආයතනයේ නිෂ්පාදන, ඇසුරුම් හා බෙදාහැරීම් අංශවලට ගොස් එහි ක්‍රියාකරීත්වය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී වීමසා බැලීය.

තරගකාරි මිලක් යටතේ ගොවීන්ගෙන් දියර කිරි මිලිදී ගන්නා බවත් ගොවීන්ගේ සුබසාධන කටයුතු සඳහා තමන් මැදිහත් වන බව ආයතනයේ පාලනාධිකාරිය ජනාධිපතිවරයාට පැවසීය.

1956 වර්ෂයේදී ඇරඹී ජාතික කිරි මණ්ඩලය 1986දී මිල්කෝ බවට පත්කෙරිණ.

පළමු අදීයර යටතේ පැස්ටරීකරණය කරන ලද කිරි නිපදවීමට පමණක් සීමා වී තිබු එම ආයතනය මේ වන විට යෝගට්, අයිස්ක්‍රීම් හා කල්කිරි වැනි නිපැයුම් සිදුකරමින් නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් කර තිබේ.

අඹේවෙල, දිගන, පොළොන්නරුව හා නාරාහේන්පිට පිහිටා ඇති කර්මාන්තශාලා 04ක 1,500කට ආසන්න කාර්යය මණ්ඩලයකින් යුත් එම ආයතනයේ දෛනික කිරි ධාරිතාවය ලීටර් 50,000කි.