දිස්ත්රික්ක 07ක ප්රදේශ කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, හම්බන්තොට, මහනුවර සහ රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කර ඇත.