26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

දිවයින පුරා මේ වන විට ඩෙංගු රෝගීන් 64,359ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසනවා.

මේ මාසයේ ගතවූ දින 29 තුළ රෝගීන් 2,401ක් වාර්තා වී ඇති බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. මේ වනවිට දිනකට ඩෙංගු රෝගීන් 80 – 100 ප්‍රමාණයක් වාර්තා වන බවයි ඔහු පවසා සිටියේ.

වර්ෂාපතන පතිතවන දිස්ත්‍රික්කවල නැවතත් මදුරු ගහනය වැඩි වීමේ අවදානමක් පවතින බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා වර්ෂාපතනයෙන් පසු සතියක් දෙකක් වැනි කාලයක් තුළ මේ තත්ත්වයන් නිරීක්ෂණය කළ හැකි බවයි පැවසුවේ.

ඒ අනුව එම ප්‍රදේශයවලට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා රතු නිවේදන නිකුත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළා.

බස්නාහිර පළාතේ ගම්පහ, කොළඹ දිස්ත්‍රික්ක සහ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර සහ බේරුවල යන ප්‍රදේශ ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.