31.7 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලක්ෂ 12ක අයිස් සමඟ අයෙක් අත්අඩංගුවට

ලක්ෂ 12ක අයිස් සමඟ අයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට පෙර වරෙන්තු රැසක් ලබා ඇති අයෙක් බවයි.

සුඛෝපභෝගී මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් දෙහිවල කවුඩාන ආණ්ඩු වත්ත ප්‍රදේශයේදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60ක් පොලිස් භාරයට ගෙන ඇති අතර පොලීසියට ලැබී තිබූ රහසිගත තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබේ.