කඳුකර ප්රදේශවල ධාවනයේ යෙදෙන රියදුරන් ඉතා ප්රවේශම් විය යුතු බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව නුවරඑළිය – හැටන් ප්රධාන මාර්ගය, හැටන් – කොළඹ ප්රධාන මාර්ගයේ සහ බදුල්ල – කොළඹ ප්රධාන මාර්ගයේ දැඩි මීදුම් තත්ත්වයක් පවතින බවයි පොලීසිය පවසන්නේ.
එමෙන්ම එම මාර්ගවල පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.