― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසුරාබදු නියාමකට කඩුවකින් කොටා සල්ලි කොල්ල කෑ මත් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අල්ලයි

සුරාබදු නියාමකට කඩුවකින් කොටා සල්ලි කොල්ල කෑ මත් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අල්ලයි

සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නියාමකවරයෙක්ට තියුණු ආයුධයකින් පහර දී ඔහු සතුව තිබූ රුපියල් 245,000 ක මුදලක් කොල්ල කෑ පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරයින් මත්කුඩු සමඟ මතුගම, ඕවිටිගල ප්‍රදේශයේ දී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු බදුරලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මතුගම, සිරිකඳුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරකට අනුව සුරාබදු නිලධාරීන් වෙස් වලාගෙන මත්ද්‍රව්‍ය මිලදී ගන්නා මුවාවෙන්එම ප්‍රදේශයට පැමිණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුණගැසී තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සුරාබදු නිලධාරීන් නොමඟ යවමින් උපක්‍රමයක් යොදා සුරාබදු නියාමකවරයෙකු කැලෑබද ප්‍රදේශයට ගෙන්වාගෙන නියාමකවරයාට කඩුවකින් පහර දී ඔහු සතුව තිබූ මුදල් කොල්ල කා පළා ගොස් තිබුණා.

එම පහර දීමෙන් නියාමකවරයාගේ දකුණු අතට තුවාල සිදුව කොළඹ ජාතික රෝහල වෙත ද ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මතුගම පොලිසිය වෙත භාරදී තිබෙනවා.