30.6 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැක කටයුතු ලෙස මියගිය පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි

සැක කටයුතු ලෙස මියගිය පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි

වැලිකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ කාමරය තුල සැක කටයුතු ලෙස මියගොස් සිටියදී හමුවී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද අලුයම මෙම නිලධාරියාගේ සිරුර සොයාගෙන ඇති බවයි.

මියගොස් ඇත්තේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි විවාහක පොලිස් කොස්තාපල්වරයෙක්.

ඔහු ඊයේ රාත්‍රී පොලිස් ජංගම නිරීක්ෂණ රාජකාරියේ යෙදී සිටි අයෙක් වන අතර රාජකාරී කටයුතු අවසන් කර තම කාමරය තුළ නින්දට ගිය අවස්ථාවේ මෙලෙස මරණයට පත්ව ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.